colombotimes.lk
සිංහල | English

28 April 2024

බැසිල් සති දෙකකින් ලංකාවට එනවා - මහින්ද



හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා තව සතියකින් හෝ සති දෙකකින් දිවයිනට පැමිණෙනු ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

ඉන් අනතුරුව පක්ෂයේ වැඩකටයුතු ආරම්භ කරන බවයි ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ පැවති වැඩසටහනකින් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.

මේ අතර කථානායකවරයාට එරෙහිව සමගි ජන බලවේගය ගෙන එන විශ්වාසභංග යෝජනාව පරාජයට පත් කරන බව ද හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.
(colombotimes.lk)