12 March 2025


බටලන්ද කොමිෂන් සභා වාර්තාව මේ සතියේ පාර්ලිමේන්තුවට



බටලන්ද කොමිෂන් සභා වාර්තාව මේ සතිය තුළ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබෙන බව අමාත්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළා.

ඒ මේ වන විට පැවැත්වෙන කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදීයි.

එමෙන්ම ඊයේ (10) පැවති කැබිනට් රැස්වීමේදී ජනාධිපතිවරයා සහ අමාත්‍ය මණ්ඩලය මේ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කළ බව අමාත්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළා.

(colombotimes.lk)