06 February 2026

logo

දිවයිනේ ප්‍රදේශ රැසකට හෙට කාලගුණය දරුණු වෙයි



දිවයිනේ ප්‍රදේශ රැසකට හෙට (12) තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.

ඒ අනුව උතුර, උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල මෙන්ම මාතලේ නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල තද වැසි ඇති විය හැකි බවයි වාර්තා වන්නේ.

එමෙන්ම බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.  

(colombotimes.lk)