15 July 2025

logo

රජයේ සුබසාධන වැඩසටහන්වල ප්‍රතිලාභ කඩිනමින් ජනතාවට



ජනතාව වෙනුවෙන් රජය ක්‍රියාත්මක කර ඇති සුබසාධන වැඩසටහන් කාර්යක්ෂම කර, ඒවායේ ප්‍රතිලාභ ජනතාවට ලබාදීම වෙනුවෙන් ආණ්ඩුකාරවරුන් මැදිහත් වී කටයුතු කළයුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ පළාත් ආණ්ඩුකාරවරුන් සමඟ ඊයේ (12) ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදීයි.

පළාත් මට්ටමින් පවතින ගුරු හිඟය කඩිනමින් පියවා ගැනීමට ගත යුතු පියවර මෙන්ම උරුමය සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදිමේ වැඩසටහන කාර්යක්ෂම කිරීම පිළිබඳවත් මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කෙරුණා.
(colombotimes.lk)