22 November 2024


ශ්‍රී ලංකාවට ජයග්‍රහණය ගැන සුබ බලාපොරොත්තුවක්



සත්කාරක එංගලන්ත කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය ජයග්‍රහණය කිරීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 219ක ඉලක්කයක් හිමි වුණා.

තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ එංගලන්ත කණ්ඩායම සියලුදෙනා දැවී ලකුණු 325ක් රැස් කළ අතර ශ්‍රී ලංකා කණ්ඩායමට සිය පළමු ඉනිම සඳහා සියලුදෙනා දැවී රැස් කරගැනීමට හැකි වුණේ ලකුණු 263ක් පමණයි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ධනංජය, කමිඳු සහ පැතුම් අර්ධ ශතක වාර්තා කිරීමට සමත්වුණා.

ඒ අනුව ලකුණු ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා ලකුණු 62ක් ඉදිරියෙන් සිටිමින් සිය දෙවන ඉනිම ක්‍රීඩා කළ එංගලන්තයට සියලුදෙන දැවී රැස් කරගැනීමට හැකි වුණේ ලකුණු 156ක් පමණයි.

එංගලන්ත දෙවන ඉනිමේ කඩුලු 4ක් ලහිරු කුමාර බිඳ දැමූ අතර විශ්ව ප්‍රනාන්දු කඩුලු 3ක් බිඳ දැමීමට සමත්වුණා.

ඒ අනුව දෙරට අතර පැවැත්වෙන තුන්වන සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය ජයග්‍රහණය කිරීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම සිය දෙවන ඉනිමේදී රැස් කර ගත යුතු ලකුණු සංඛ්‍යාව 219ක් .
(colombotimes.lk)