නගරවල පොදු ප්‍රවාහනය වැඩි දියුණු කිරීම සඳහා 'පතුල පහත්' (Low Floor) බස් රථ 100ක් මිලදී ගැනීමට ප්‍රසම්පාදන ක්‍රියාවලිය ආරම්භ කර ඇති බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය පවසනවා.
එම අමාත්‍යාංශය සඳහන් කළේ ප්‍රධාන නගරවල කාර්යක්ෂම පොදු ප්‍රවාහන සේවා සඳහා ඇති ඉල්ලුම සපුරාලීමට මෙම බස් රථ යොදවන බවයි.
මේ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන පාර්ශවයන්ගෙන් යෝජනා කැඳවමින් නිල ලංසු කැඳවීමේ දැන්වීමක් (IFB) නිකුත් කර තිබෙනවා.
මෙහි ප්‍රසම්පාදන ක්‍රියාවලිය බත්තරමුල්ල, සෙත්සිරිපාය, දෙවන අදියරේ පිහිටි අමාත්‍යාංශයේ ප්‍රසම්පාදන අංශය විසින් සිදු කරන බවයි වාර්තා වන්නේ.
වැඩි විස්තර සඳහා අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය වන https://www.transport.gov.lk/ වෙත පිවිසීමට හැකියාව පවතිනවා.
එම අමාත්‍යාංශය සඳහන් කළේ 0112-187213 යන දුරකථන අංකයෙන් ද තොරතුරු ලබා ගැනීමේ හැකියාව පවතිනව බවයි.
(colombotimes.lk)