අයථා ලෙස රුපියල් මිලියන 97කට අධික වටිනාකමකින් යුත් වත්කම් උපයා ගැනීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ, දියණියන් තිදෙනා සහ බෑනාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කළ නඩුව යළි කැඳවීමට කොළඹ මහාධිකරණය නියම කර තිබෙනවා.
ඒ ඔක්තෝබර් 01වනදායි.
නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මෙනෙවිය ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය ලබාදී තිබෙනවා.
(colombotimes.lk)