පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායම් කළමනාකරු නවීඩ් අක්‍රම් චීමා තරග තීරක Andy Pycroft වෙත නිල පැමිණිල්ලක් ගොනු කර තිබෙනවා.
ඒ 2025 ආසියානු කුසලාන තරගාවලියේ A කාණ්ඩය යටතේ ඊයේ (15) පැවති තරගයෙන් පසුව ඉන්දීය කණ්ඩායම ඔවුන් සමඟ අතට අතදීම ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන්.
මුළු ලෝකයේම අවධානය දිනාගත් ඉන්දු - පාකිස්ථාන තරගය කඩුලු 7කින් ජයග්‍රහණය කිරීමට ඉන්දීය කණ්ඩායම සමත්වුණා.
ඔවුන් තරගය ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව ප්‍රතිවාදී ක්‍රීඩකයන්ට අතට අතදීම ප්‍රතික්ෂේප කරමින් ඉන්දීය ක්‍රීඩකයන් ක්‍රීඩාගාරය වෙත පැමිණීමට කටයුතු කළා.
(COLOMBOTIMES.LK)