Amazon නිර්මාතෘ සහ හිටපු ප්‍රධාන විධායක නිලධාරී Jeff Bezos විවාහ ගිවිසගෙන තිබෙනවා.
ඒ, වසර හතරකට වැඩි කාලයක් පුරා ඔහුගේ පෙම්වතිය වූ Lauren Sánchez සමඟයි.
ඔවුන් දෙදෙනාම සිය පළමු විවාහයෙන් වෙන්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
මොවුන් දෙදෙනා සිය පෞද්ගලික ජීවිතය මාධ්‍යයෙන් වසන් කිරීමට පසුගිය කාලය පුරාම කටයුතු කර තිබුණා.
නමුත් Sánchez මංගල මුදුවක් පැළඳ සිටින අයුරු ඇති ඡායාරූප කිහිපයක් ප්‍රසද්ධ වීමත් සමඟ, ඔවුන් විවාහ ගිවිසගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
(colombotimes.lk)