යාපනය ශීක්ෂණ රෝහලේදී තුන් නිවුන් දරු උපතක් ඊයේ (28) සිදුව තිබෙනවා.යාපනයේ ගුරුනගර් ප්‍රදේශයේ කාන්තාවකට මෙම තුන් නිවුන් දරු උපත සිදුව ඇති බව සඳහන්.යාපනය ශීක්ෂණ රෝහලේ නාරි හා ප්‍රසව වෛද්‍ය විශේෂඥ අප්පුතුරෙයි ශ්‍රීධරන් මහතා පැවසූවේ, දරුවන් තිදෙනාම මනා සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවයි.දරුවන් තුන් දෙනාගෙන් දෙදෙනෙකු පිරිමි දරුවන් වන අතර අනෙක් දරුවා ගැහැණු දරුවක් බවයි වාර්තා වන්නේ.තුන් නිවුන් දරුවන් බිහි කළ කාන්තාවගේ දෙවන දරු පූසුතිය මෙය වන අතර ඊට පෙර ඇයට පලමු දරු ප්‍රසූතියේදි පුතෙකු ලැබී තිබුණා. (Colombotimes.lk)