21 December 2025

logo

ධීවරයන් 5ක් සමඟ බෝට්ටුවක් අතුරුදන්



මාතර, මිරිස්ස ධීවර වරායෙන් මුහුදු ගිය බහුධින ධීවර යාත්‍රාවක් අතුරුදන් වී තිබෙනවා. 

මෙසේ අතුරුදන්ව ඇත්තේ 'ඉදුරංගි 1' යන බහුධින ධීවර යාත්‍රාව වන අතර එහි ධීවරයන් 5දෙනෙක්ද සිට තිබෙන බවයි වාර්තා වන්නේ. 

එම යාත්‍රාව පසුගිය නොවැම්බර් 21වනදා සිට මෙසේ අතුරුදන් වී ඇති බව ධීවර යාත්‍රාවේ සිටි ධීවරයන් පස්දෙනාගේ ඥාතීන් පවසනවා. 

ඔවුන් වැඩිදුරටත් සඳහන් කළේ 6වනදා අවසන්වරට ඔවුන්ගෙන් ඇමතුමක් ලැබුණු අතර එදින සිට මේ වනතෙක් තොරතුරක් ලැබී නොමැති බවයි. 

(colombotimes.lk)