colombotimes.lk
සිංහල | English

06 May 2024

Taylor Swift ගෙන් ඩොලර් 100,000ක් බැගින් බෝනස්



Taylor Swiftගේ අති සාර්ථක Eras සංචාරය අවසන් වු පසු ඇය සමඟ සංචාරයේ යෙදුණු ට්‍රක් රථ රියදුරන්ට අධික ප්‍රසාද දීමනාවක් ලබාදී තිබෙනවා. 

ඒ අනුව සෑම ට්‍රක් රථ රියදුරෙකුටම ඩොලර් 100,000ක චෙක්පතක් ලබා දී ඇති බව සඳහන්. 
 
මේ ප්‍රසාද දීමනාව සම්මත ප්‍රසාද දීමනාව ඉක්මවා යන අතර සාමාන්‍ය මුදල ඩොලර් 5,000 සිට ඩොලර් 10,000 බැගින් වන බවත් එබැවින් මෙම විශාල මුදල ඇදහිය නොහැකි මුදලක් බවත් එම ට්‍රක් රථ රියදුරන් පවසා තිබෙනවා. 
 
එමෙන්ම ඇයගේ අනෙක් කාර්ය මණ්ඩල සාමාජිකයන් සඳහා ද මෙම ප්‍රසාද දීමනා ලබා දී ඇති බවයි වාර්තා වන්නේ. 
 
මෙම සිදුවීම Taylor Swiftගේ Eras සංචාරයේ සාර්ථකත්වය හා ඇයගේ ත්‍යාගශිලිත්වය මනාවට පෙන්නුම් කරන බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.
(colombotimes.lk)