06 July 2025

logo

BUDGET TIMES 2024 | ඉතිහාසයේ 78 වන අයවැය අද පාර්ලිමේන්තුවට



2024 අයවැය දෙවැනි වර කියවීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද (13) දහවල් 12:00 සිට ඉදිරිපත් කිරීමට නියමිතයි. 

ඉන් අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 2024 අයවැය දෙවන වර කියවීම දින හතකින් විවාදයට ගැනීමට නියමිතයි. 
 
මෙවර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන්නේ මෙරට 78 වැනි අයවැයයි.
 
2024 අයවැය තුන්වන වර කියවීමේ කාරක සභා අවස්ථාව හෝ විවාදය දින 19ක් පැවැත්වෙන අතර විසර්ජන පනත් කෙටුම්පතේ අවසන් ඡන්ද විමසීම නොවැම්බර් 22 වැනිදා සිට පැවැත්වීමට නියමිතව තිබෙනවා. 
 
2024 අයවැය කියවීමේ සජීව විකාශය Colombo Times Facebook ඔස්සේ සජීව විකාශය කෙරෙන අතර අයවැය පුවත් එවෙලේම ඔබේ ජංගම දුරකථනයට Mobile Notification තාක්ෂණය ඔස්සේ අපගේ Mobile App එක හරහා ලබාගත හැකියි.