2026 අයවැය දෙවන වර කියවීමේ විවාදය අද (08) සිට ආරම්භ වනවා.
පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම නොවැම්බර් 14වන සිකුරාදා පස්වරු 6.00ට පැවැත්වීමට නියමිත බවයි.
අයවැය තෙවන වර කියවීම හෙවත් කාරක සභා අවස්ථාවේ විවාදය නොවැම්බර් මස 15 සිට දින 17ක් පැවැත්වීමෙන් අනතුරුව අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් මස 5වන දින පස්වරු 6.00ට සිදු කිරීමට නියමිතව තිබෙනවා.
පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ අයවැය කාලසීමාව තුළ රජයේ නිවාඩු දින සහ ඉරිදා දින හැර සෑම දිනකම අයවැය විවාදය පැවැත්වීමට නියමිත බවයි.
(colombotimes.lk)
