හෙරොයින් තොගයක් සමඟ සැකකරුවන් තිදෙනෙක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ ගාල්ල - සීනිගම, තෙල්වත්ත ප්‍රදේශයේදීයි.
සැකකරුවන් ළග තිබී හෙරොයින් කිලෝ 3යි ග්‍රෑම් 500ක් සොයා ගෙන තිබෙනවා.
පොලිස් විශේෂ කාර්ය බලකායේ බුද්ධි අංශයට ලැබුණු තොරතුරක් මත විශේෂ කණ්ඩායමක් විසින් මෙම වැටලීම අද අලුයම සිදු කර තිබෙන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)
