2026 වර්ෂයට අදාළ විසර්ජන පනත් කෙටුම්පත දෙවනවර කියවීම (අයවැය කථාව / අයවැය යෝජනා ඉදිරිපත් කිරීම) 2025 නොවැම්බර් 07වනදා සිදු කිරීමට තීරණය කර තිබෙනවා.
එමෙන්ම නොවැම්බර් 08වනදා සිට දෙසැම්බර් 05වනදා දක්වා විවාදය පැවැත්වීමටත් තීරණය කර තිබෙන බවයි වාර්තා වන්නේ.
කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නගේ ප්‍රධානත්වයෙන් අද (11) පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී මෙම තීරණය ගෙන තිබෙනවා.
මහලේකම්වරිය සඳහන් කළේ මේ අනුව විසර්ජන පනත් කෙටුම්පත පළමුවර කියවීම සඳහා සැප්තැම්බර් 26වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවයි.
මුදල් විෂය භාර අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා විසින් 2025 නොවැම්බර් 07වනදා විසර්ජන පනත් කෙටුම්පත දෙවනවර කියවීම (අයවැය කථාව) සිදු කිරීමටත් අනතුරුව නොවැම්බර් 08වනදා සිට නොවැම්බර් 14වනදා දක්වා දින 6ක් දෙවනවර කියවීමේ විවාදය පැවැත්වීමට මෙහිදී තීරණය කර තිබෙනවා.
ඒ අනුව නොවැම්බර් 14වනදා පස්වරු 6.00ට දෙවනවර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතයි.
ඉන්පසු නොවැම්බර් 15වනදා සිට දෙසැම්බර් 05වනදා දක්වා දින 17ක් කාරක සභා අවස්ථාවේ විවාදය පැවැත්වීමටත් දෙසැම්බර් 05වනදා පස්වරු 6.00ට අයවැය තෙවනවර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වීමටත් මෙහිදී එකඟත්වය පළ වී තිබෙනවා.
මෙම කාලසීමාව තුළ රජයේ නිවාඩු දින සහ ඉරිදා දින හැර සෙනසුරාදා දින ඇතුළුව සෑම දිනකම අයවැය විවාදය පැවැත්වීමට තීරණය කර තිබෙන බවයි වාර්තා වන්නේ.
එමෙන්ම කාරක සභා අවස්ථාවේ විවාද කාලසීමාව තුළ පාර්ලිමේන්තුව සඳුදා දිනවල පෙරවරු 9.30ටත් අනෙකුත් සෑම දිනකම පස්වරු 9.00ට රැස්වීමටත් මෙහිදී තීරණය වී තිබෙනවා.
(colombotimes.lk)