18 February 2026

logo

මත්ද්‍රව්‍ය භාවිතා කළ බස් රියදුරන්ට වැඩ වරදියි



ජාතික වෛද්‍ය ආයතනයේ ජංගම රසායනාගාරය ඊයේ (21) උදෑසන කොළඹ බැස්ටියන් මාවතේදී ආරම්භ කර තිබෙනවා. 

එහිදී දුර ගමන් සහ කෙටි ගමන් සේවා බස් රථ පදවමින් කොළඹට පැමිණෙන රියදුරන් වෛද්‍ය පරීක්ෂණයකට ලක් කර තිබෙන බවයි වාර්තා වන්නේ. 

ඊයේ (21) දිනයේදී පමණක් රියදුරන් 59දෙනෙක් පරීක්ෂණයට යොමු කර තිබෙනවා. 

ඉන් මත්ද්‍රව්‍ය භාවිතා කරමින් බස් රථ ධාවනය කළ රියදුරන් 10දෙනෙක් හඳුනාගෙන තිබෙන බවයි වාර්තා වන්නේ. 

වැලිමඩ සිට කොළඹට පැමිණි බස් රථයේ රියදුරු අයිස් සහ හෙරොයින් භාවිත කර තිබූ බවත් අම්පාර සිට කොළඹට පැමිණි බස් රථයක රියදුරෙක් අයිස් මත්ද්‍රව්‍ය භාවිත කර ඇති අතර සෙසු රියදුරන් 8දෙනා ගංජා පානය කර තිබූ බවට අනාවරණය වී තිබෙනවා.

(colombotimes.lk)