ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ඊයේ (21) සිදුකළ ඉන්ධන මිල ඉහළ දැමීමත් සමඟ ලංකා බස් ගාස්තු සංශෝධනයක් අද (22) සිදු කිරීමට කටයුතු කරන බව ලංකා ගමනා ගමන කොමිෂන් සභාව පවසනවා.
ඒ අනුව එම කොමිෂන් සභාව සඳහන් කළේ ඊට අදාළ ගණනය කිරීම් මේ වනවිටත් සිදු කරමින් සිටින බවයි.
එමෙන්ම මීට පෙර අවස්ථා කිහිපයකදී ඉන්ධන ගාස්තු ඉහළ ගිය ද බස් ගාස්තු සංශෝධනයක් සිදු නොකෙරුණු අතර අවම වශයෙන් මෙවර 15%ක බස් ගාස්තු වැඩිවීමක් අපේක්ෂා කරන බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය පවසනවා.
(colombotimes.lk)
