බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ අවට ජලයෙන් යටවීමේ ගැටලුව සම්බන්ධයෙන් පසුගිය මැයි 28වනදා වරාය සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය රුවන් කොඩිතුවක්කුගේ මූලිකත්වයෙන් සාකච්ජාවක් පවත්වා තිබෙනවා.
ඒ අනුව එම අමාත්‍යාංශය සඳහන් කළේ ගුවන්තොටුපොළ අවට ප්‍රදේශ වල පිහිටා ඇති ඇළ මාර්ග පිරිසිදු කිරීමේ සහ ඒවායේ ධාරිතාව වැඩිදියුණු කිරීමේ කටයුතු ඊයේ (04) ආරම්භ කළ බවයි.
එමෙන්ම ඇල මාර්ගවල පවතින අවහිරතා ඉවත්කිරීම, ඒවායේ ධාරිතාවය ඉහළ නැංවීම සහ වැසි ජලය ගලා යාම විධිමත් කිරීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ බවයි වාර්තා වන්නේ
(coplombotimes.lk)
