05 June 2026

logo

තොටළඟ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියකගේ දේපළ ක්‍රියා විරහිත කරයි



මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියක් නීතිවිරෝධි ලෙස උපයා ගත් මුදලින් මිලදී ගන්නා ලද දේපළ ක්‍රියා විරහිත කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඒ නීති විරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසය විසින්.

මෙලෙස ක්‍රියාවිරහිත කර ඇත්තේ කොළඹ 14 ප්‍රදේශයේ පදිංචි මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියකගේ දේපළ කිහිපයක්.

පොලීසිය සඳහන් කළේ අදාළ දේපළ සම්බන්ධව කොළඹ මහාධිකරණය මඟින් ක්‍රියාවිරහිත කිරීමේ නියෝගය දීර්ඝ කර බලාත්මක කර ඇති අතර අද (05) දින සිට දින 07ක කාලයක් සඳහා ක්‍රියාවිරහිත කිරීමේ නියෝගයක් නිකුත් කර ඇති බවයි.

(colombotimes.lk)