සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මදුරු මර්ධනය සඳහා විශේෂ වැඩසටහනක් ජුනි 08, 09 සහ 10 යන දිනයන් වල පැවැත්වීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව දිස්ත්‍රික්ක 14ක සෞඛ්‍ය නිලධාරී කොට්ඨාස 74ක මෙය ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
ජාතික ඩෙංගු මර්ධන ඒකකය සඳහන් කළේ මේ සඳහා පොලීසියේ සහ ත්‍රිවිධ හමුදාවේ සහය ලබාගන්නා බවයි.
එමෙන්ම මෙහිදී ඩෙංගු බෝවීමේ අධි අවදානමක් පවතින ප්‍රදේශවලට වැඩි අවදානයක් යොමු කරන අතර මදුරුවන් බෝවීමට සුදුසු පරිසරයක් පවත්වාගෙන යන පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බවද එම ඒකකය වැඩිදුරටත් සඳහන් කළා.
(colombotimes.lk)
