colombotimes.lk
සිංහල | English

09 May 2024

CCTV මෙහෙයුමෙන් වැරදිකරුවන් 793ක් හඳුනා ගනියි



පෙබරවාරි මාසයේ ගත වූ දින 15ක කාලය තුළ කොළඹ නගරය ආශ්‍රිතව CCTV දර්ශන මඟින් වැරදිවලට සම්බන්ධ පුද්ගලයන් 793 දෙනෙකු හදුනාගත් බව පොලීසිය පවසනවා.

අදාළ වැරදිකරුවන් සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට පොලිස් ස්ථාන 300 කට පමණ තොරතුරු දැනුම් දී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කළා.

පසුගිය වසරේ බීමත්ව රිය පැදවීම් සම්බන්ධ නඩු 26,000ක් පමණ වාර්තා වී ඇති බව ඒ මහතා වැඩිදුරටත් කියා සිටියා.
(colombotimes.lk)