16 November 2025

logo

හිටපු ඇමති ජොන්ස්ටන්ට එරෙහිව CID විමර්ශන



ලියාපදිංචි නොකළ සුඛෝපභෝගී BMW රථයක් භාවිතා කිරීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුට එරෙහිව අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

ඒ හේතුවෙන් ඔහුගේ විදෙස් ගමන් ද තහනම් කර තිබෙන බවයි වාර්තා වන්නේ.

කුරුණෑගල පොලීසිය දැනුම් දී ඇත්තේ ඔහුට අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව වෙත පැමිණ ප්‍රකාශයක් ලබා දෙන ලෙසයි.

නමුත් ඔහු මේ වන තෙක් ප්‍රකාශයක් ලබා දී නොමැති බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)