16 November 2025

logo

බලපත්‍ර නොමැති ගිනිඅවියක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට



බලපත්‍ර නොමැතිව ගිනිඅවියක් සහ පතරොම් සන්තකයේ තබා ගෙන සිටි සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ හලාවත විෂ මත්ද්‍රව්‍ය ඒකකයේ නිලධාරීන්ට ලැබුණ තොරතුරක් මත සිදුකළ වැටලීමක් අතරතුරදීයි.

එහිදී අත්අඩංගුවට ගෙන ඇත්තේ විදේශීය රටක නිෂ්පාදිත ගිනිඅවියක්, පතරොම් 03ක්, තීරුබදු රහිතව මෙරටට ගෙන්වන ලද දුම්වැටි 460ක් හා නීතිවිරෝධී මත්පැන් පෙරීමට ගන්නා ගෝඩා ලීටර් 202ක්.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 45ක් වන අක්කරපත්තුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

(colombotimes.lk)