16 November 2025

logo

මේ වසරේ විශාලතම උල්කාපාත වර්ෂාව අද රාත්‍රියේ



2025 වර්ෂයේ දැකගත හැකි විශාලතම උල්කාපාත වර්ෂාව අද (16) මධ්‍යම රාත්‍රියේදී සහ හෙට (17) උදෑසන දැකබලා ගත හැකි බව අභ්‍යවකාශ විද්‍යාඥ සහ ඉංජිනේරු කථිකාචාර්ය ගිහාන් වීරසේකර පවසනවා.

ඔහු සඳහන් කළේ සිංහ තරුකාරාශිය ආශ්‍රිතව මෙම උල්කාපාත වර්ෂාව සිදුවන බැවින් එය ලියෝනිඩ්ස් වශයෙන් නම්කර ඇති බවයි.

එමෙන්ම මෙම උල්කාපාත වර්ෂාව හෙට (17) පෙරවරු 4 - 5 දක්වා කාලයේදී ඉතා හොදින් නිරීක්ෂණ විය හැකි බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

(colombotimes.lk)