16 November 2025

logo

කිරින්ද වෙරළෙන් හමුවූ අයිස් ප්‍රවාහනය කළ සැකකරුවන් 05ක් අත්අඩංගුවට



කිරින්ද වෙරළෙන් සොයා ගත් අයිස් මත්ද්‍රව්‍ය තොගය ප්‍රවාහනය කළ බවට සැකපිට යාත්‍රාවක් සමඟ සැකකරුවන් 05දෙනෙක් තංගල්ල වෙරළ තීරයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සිදුකළ මෙහෙයුමක් අතරතුරදීයි.

එහිදී අත්අඩංගුවට ගත් සැකකරුවන් දින 7ක් රඳවා ප්‍රශ්න කිරීමට තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණය අවසර ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)