16 November 2025

logo

2025 වසරේ මුල් මාස 10 තුළ සංචාරක අදායම ඩොලර් මිලියන 2,659ක්



2025 වසරේ මුල් මාස 10 සඳහා සමස්ත සංචාරක ඉපැයීම් ප්‍රමාණය ඩොලර් මිලියන 2,659ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.

ඒ අනුව ඔක්තෝම්බර් මාසයේ දී වාර්තා වී ඇති සංචාරක ඉපැයීම් ප්‍රමාණය ඩොලර් මිලියන 186යි දශම 1ක්.

මහ බැංකුව සදහන් කළේ 2024 මුල් මාස 10හි සංචාරක ඉපැයීම් ප්‍රමාණය වූ ඩොලර් මිලියන 2,533 හා සැසඳීමේදී මෙය 4.9%ක වර්ධනයක් බවයි.

එමෙන්ම 2025 වසරේ ජනවාරි සිට මේ දක්වා කාලය තුළ මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව 1,972,957ක් බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)