කාර් රථයක් හා ත්‍රී රෝද රථයක් එකිනෙක ගැටීමෙන් මාරක අනතුරක් සිදුවී තිබෙනවා.
ඒ ඇල්ල - වැල්ලවාය මාර්ගයේ වැල්ලවාය ප්‍රදේශයේදීයි.
එම අනතුරින් තුවාල ලැබූ ත්‍රී රෝද රථයේ රියදුරු වැල්ලවාය රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.
මියගිය පුද්ගලයා වයස අවුරුදු 32ක් වන ඇල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් කාර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
(colombotimes.lk)
