16 November 2025

logo

GMOA හෙට සිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළඹීමට තීරණයක්



රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් හෙට (17) දිනයේදී වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයකට එළැඹීමට තීරණය කර තිබෙනවා.

ඒ 2026 වසරට අදාළව ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කර ඇති අයවැය තුළින් සෞඛ්‍ය සේවාවේ සහ වෛද්‍යවරුන්ගේ ගැටළු නිසියාකාරව විසඳීමට අපොහොසත් වීමට විරෝධය පළ කරමින්.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කළේ මේ සම්බන්ධයෙන් රජයේ පාර්ශ්වයන් දැනුවත් කළ බවත් මීට සාධනීය ප්‍රතිචාරයක් නොලැබුණු බැවින් මෙම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයට එළැඹීමට සිය සංගමය පියවර ගත් බවයි.

ඒ අනුව හෙට (17) උදෑසන 8 සිට දිවයින පුරා පිහිටි රෝහල්වල මෙම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය ආරම්භ කරන බව එම සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස වැඩිදුරටත් සඳහන් කළා.

(colombotimes.lk)