ඉදිරි මාස කිහිපය තුළ රජයේ රෝහල්වල CT scan, MRI සහ PET scan පරීක්ෂණ සේවා නතරවීමේ අවදානමක් පවතින බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය පෙන්වා දෙනවා.
විකිරණ තාක්ෂණවේදීන්ගේ පවතින හිඟය හේතුවෙන් මෙම සේවා ක්‍රියාත්මක කරවීම ගැටලු සහගත වී ඇති බව එහි සභාපති චානක ධර්මවික්‍රම මහතා ප්‍රකාශ කළා.
මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයට දැනුම්වත් කළ ද මේ වන තෙක් ඔවුන් නවක නිලධාරීන් බඳවා ගැනීමට පියවර ගෙන නොමැති බවයි ඒ මහතා කියා සිටියේ.
(colombotimes.lk)