රාජ්‍ය සේවයේ ආයතනවල පවතින පුරප්පාඩු සඳහා නව බඳවා ගැනීම් සිදු කිරීමට අදාළ අමාත්‍යාංශ සහ ආයතන වෙත අනුමැතිය ලබාදීම පිණිස අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා.
ඒ අනුව ප්‍රවාහන, මහාමාර්ග, වරාය, සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ පුරප්පාඩු 909ක්, කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශයට 109, පරිසර අමාත්‍යාංශයට 144, මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයට 2,500ක් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තිය අමාත්‍යාංශයට 22ක් ආදී වශයෙන් නව බඳවා ගැනීම් සඳහා අනුමැතිය ලබාදී තිබෙන බවයි වාර්තා වන්නේ.
එමෙන්ම මුදල් ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයට 185ක් ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යාංශයට 20, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයට 1,615, මධ්‍යම පළාත් සභාවට 72, ඌව පළාත් සභාවට 303ක් ආදී ලෙස මුළු පුරප්පාඩු සංඛාව 5,882ක් වෙනුවෙන් නව බඳවා ගැනීම් සඳහා කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා.
(colombotimes.lk)