27 February 2025


නීති විරෝධි මත්පැන් සමඟ සැකකරුවෙක් කොටුවෙයි



බියගම පොලිස් වසමේ බංඩාරවත්ත හන්දිය ප්‍රදේශයේදී නීති විරෝධි මත්පැන් බෝතල් 135ක් ත්‍රීරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවෙක් ඊයේ (26) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ බියගම පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ක්ෂණික මාර්ග බාධක යොදා සිදු කළ වාහන පරීක්ෂාවකදීයි.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 30ක් වන පදලංගල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)