ශ්‍රී පාද වන්දනාකරුන් පිරිසක් රැගෙන ධාවනය වූ වෑන් රථයක් අද (26) අනතුරකට පත්වී තිබෙනවා.
එම වෑන් රථය ගිනිගත්හේන නාවලපිටිය ප්‍රධාන මාර්ගයේ ගිනිගත්හේන බගතුලුව ප්‍රදේශයේදී මාර්ගය අභියස පිහිටි කන්දේ ගැටී මාර්ගය හරහා පෙරළී මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
එහිදී වන්දනාකරුවන් තුවාල ලබා ගිනිගත්හේන ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.
ගිනිගත්හේන පොලීසිය සඳහන් කළේ අනතුරුව එම තුවාලකරුවන් ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටව ගොස් ඇති බවයි.
අනතුරෙන් වෑන් රථයට දැඩි අලාභ හානි සිදු වී තිබෙනවා.
වෑන් රථයේ රියදුරුට නින්ද යාමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
(colombiotimes.lk)