27 February 2025


රක්ෂිත ගිනි තබන පුද්ගලයන්ට බරපතල වැඩ සහිත සිර දඬුවම්



මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල පවතින අධික වියළි කාලගුණයත් සමඟ රක්ෂිතවලට සිදු කරන ගිනි තැබීම් පාලනය කිරීමට ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් දියත් කර තිබෙනවා.

ඒ හැටන් වන අඩවි කාර්යාලය විසින්.

හැටන් වන අඩවි ආරක්ෂක වී. ජේ. රුක්ෂාන් සඳහන් කළේ පසුගිය දින කිහිපය තුළ ස්භාවික රක්ෂිත, වන වගා රක්ෂිත, වනජීවි කලාප සහ ළඳු කැළැවලට විවිධ පුද්ගලයන් විසින් සිදුකළ ගිනි තැබීම් හේතුවෙන් එම රක්ෂිතවල වෙසෙන සතුන්ට වාසස්ථාන අහිමි වී ඇති බවයි.

ඒ අනුව ශබ්ද විකාශන යන්ත්‍ර මඟින් සහ අත්පත්‍රිකා බෙදාහරිමින් මේ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කර තිබෙනවා.

රක්ෂිතවලට ගිනි තබන පුද්ගලයෙක්ට එරෙහිව අධිකරණය හමුවේ නෛතික පියවර ගතහොත් වසර 7ක බරපතල වැඩ සහිතව සිර දඬුවම් ලැබෙන බව සඳහන් කරමින් මෙම වැඩසටහන දියත් කළ බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)