ජනාධිපති අනුර කුමාර දිසානායක සහ නාවික හමුදාවේ උසස් නිලධාරීන් අතර සාකච්ඡාවක් අද (26) පවත්වා තිබෙනවා.
ඒ ජනාධිපති කාර්යාලයේදීයි.
එහිදී මෙරට වත්මන් ආරක්ෂක තත්ත්වය පිළිබඳ සාකච්ඡා කර තිබෙනවා.
එමෙන්ම ජාතික ආරක්ෂාව තහවුරු කිරීම සඳහා මුහුදේ සිදු කරන මෙහෙයුම් සහ මුහුදු මාර්ගයෙන් සිදුවන අවි ජාවාරම් හා මත්ද්‍රව්‍ය ජාවාරම් වැටලීම ඇතුළු ගැඹුරු මුහුදේ සිදු කරන නිරීක්ෂණ මෙහෙයුම් පිළිබඳ එහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කළ බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)