17 December 2025

logo

බොරු පැහැරගැනීමක් රඟ දැක්වූ තරුණියක් පොලිස් දැලට හසුවෙයි



ඇමරිකානු හදිසි ඇමතුම් අංකයට (911) දුරකථන ඇමතුමක් දුන් තරුණියක් පැහැරගැනීමක් සම්බන්ධයෙන් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. 

මෙම තරුණිය 25 හැවිරිදි හෙද ශිෂ්‍යාවක් වන Carlethia 'Carlee' Nichole Russell ලෙසයි සැලකෙන්නේ. 
 
ඒ අනුව ඇය පසුගිය බ්‍රහස්පතින්දා රාත්‍රියේ ඇලබාමා ප්‍රදේශයේ දී කුඩා දරුවෙකු දුටු බවට වාර්තා කර තිබුණා. 
 
ඉන් අනතුරුව දින දෙකක් යනතුරු ඇය පිළිබඳව කිසිඳු ආරංචියක් නොමැති වූ බව සඳහන්. 
 
පසුව ඇය තුන්වන දිනයේදී සිය නිවසට පැමිණ තිබුණා. 
 
මේ සම්බන්ධයෙන් සිදුකරන පොලිස් විමර්ශන වලදී ඇය පවසා ඇත්තේ තමන්ව පැහැරගැනීමකට ලක්වූ බවයි. 
 
නමුත් ඇය පවසන විස්තරය සම්බන්ධයෙන් ප්‍රමාණවත් සාක්ෂි හමුනොවූ බවට පොලිසිය පවසනවා. 
 
වැඩිදුරටත් අදහස් දක්වමින් පොලිසිය සඳහන් කළේ, ඇය අතුරුදහන් වීමට පෙර සැක කටයුතු දේවල් පිළිබඳව තොරතුරු සොයා ඇති බවයි. 
 
එම තොරතුරු වන්නේ., 
1) දරුවන් අතුරුදහන් වීම දැනුම්දෙන ඇම්බර් ඇලර්ට් සඳහා ගෙවිය යුතුද යන්න. 
2) හසු නොවී මුදල් රෙජිස්ටර් වලින් මුදල් ගන්නේ කෙසේද. 
3) 'Taken' චිත්‍රපටය. 
4) පැහැරගැනීමට ලක්වූ කාන්තාවන් සහ පැහැර ගැනීමකදී බේරෙන්නේ කෙසේද. 
5) බර්මින්හැම් බස් නැවතුම්පොළ හා බර්මින්හැම් සිට නැෂ්විල් දක්වා බස් ටිකට්පත් පිළිබඳව.
(colombotimes.lk)