මධ්‍යම තැපැල් හුවමාරුව අසල මේ වන විට උණුසුම් තත්ත්වයක් හටගෙන තිබෙනවා.
තැපැල් මළු තොගයක් ප්‍රවාහන කිරීමට යාමේදී සේවකයන් හා නිලධාරීන් අතර මෙම උණුසුම තත්ත්වය හටගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.
තැපැල් වෘත්තීය සමිති ආරම්භ කළ වැඩ වර්ජනය අද (22) පස්වන දිනටත් ක්‍රියාත්මක වනවා.
මේ වන විට කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවට පොලිස් ආරක්ෂාව ලබාදීමට පියවර ගෙන තිබෙන අතර පොලිස් නිලධාරීන් රැසක් එම ස්ථානයේ යොදවා ඇති බවයි වාර්තා වන්නේ.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ඉදිරිපත් කරන කොන්දේසිවලට යටත්ව වර්ජනය අවසන් කර සාකච්ඡා සඳහා පැමිණීමට තමන් සූදානම් නොමැති බව තැපැල් වර්ජකයන් ඊයේ (21) මාධ්‍ය හමුවක් කැඳවමින් සඳහන් කළා.
(colombotimes.lk)