09 July 2025

logo

CEB සූර්ය බලශක්ති පාරිභෝගිකයන්ගේ හිඟ මුදල් පියවයි



ලංකා විදුලිබල මණ්ඩලය විසින් සූර්ය බලශක්ති පාරිභෝගිකයන් සඳහා පියවිය යුතු හිඟ මුදල සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. 

එම නිවේදනයේ දැක්වෙන්නේ, 2023 වසරේ අප්‍රේල් දක්වා වූ හිඟ මුදල මේ වනවිට පියවා අවසන් බවයි. 
 
2023 අප්‍රේල් වන විට ගෙවීමට තිබූ හිඟ මුදලේ වටිනාකම රුපියල් බිලියන 4ක් වූ බවයි අදාළ මාධ්‍ය නිවේදනයේ දක්වා ඇත්තේ.
 
2022 වසරේ ලංකා විදුලිබල මණ්ඩලය මුහුණදුන් මූල්‍ය අර්බුධය හේතුවෙන් මෙසේ ගෙවීම් පමාවී තිබුණා.
(colombotimes.lk)