colombotimes.lk
සිංහල | English

18 October 2024


චමරිගේ නායකත්ව ඔටුන්න අනුශ්කාට



ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අයර්ලන්තයට එරෙහිව T20 තරගාවලියකට සහ එක්දින තරගාවලියකට ක්‍රීඩා කිරීම සඳහා අද (06) අයර්ලන්තය බලා පිටත්වීමට නියමිතව තිබෙනවා.

කෙසේ වෙතත් මේ සඳහා ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු එක් වී නොමැති බවයි වාර්තා වන්නේ.

ඒ, ඇය එංගලන්තයේ පැවැත්වෙන The Hundred ක්‍රිකට් ලීගයට සහභාගී වීම හේතුවෙන්.

ඒ අනුව අයර්ලන්තයට එරෙහිව පැවැත්වෙන තරග 2කින් සමන්විත T20 තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය අනුෂ්කා සංජීවනී හට හිමිවී තිබෙනවා.

කෙසේ වෙතත් එක්දින තරගාවලියේ සිට ශ්‍රී ලංකා නායකත්වය චමරි භාර ගැනීමට නියමිත බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය අතර පළමු T20 තරග එළඹෙන 11 වනදා පැවැත්වීමට නියමිතයි.

(colombotimes.lk)