පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක විසින් අද (04) අල්ලස් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.
ඒ 2024 වසරේ පොලිස් පරීක්ෂකවරු බඳවා ගැනීමේදී සිදු වී ඇති බවට කියන අක්‍රමිකතාවක් පිළිබඳවයි.
පසුගිය 2024 වසරේදී ගැසට් නිවේදනයක් මඟින් පොලිස් සේවය සඳහා බඳවා ගැනීම වෙනුවෙන් ගැසට් නිවේදනයක් නිකුත් කළ බවත් ඒ අනුව සිදු කළ යෝග්‍යතා පරීක්ෂණවලින් පසුව ඒ සඳහා සුදුසුකම් ලැබූ 100දෙනෙක් සඳහා පත්වීම් ලබාදීමට පසුගිය වසරේ නොවැම්බර් මස සැලසුම් කර තිබූ බව ඔහු වැඩිදුරටත් කියා සිටියා.
(colombotimes.lk)