20 January 2026

logo

රුසියාව සෙළවෙයි



රුසියාවේ කුරිල් දූපත් ආසන්නයේ අද (03) ප්‍රබල භූමිකම්පාවක් සිදු වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වර්තා කළේ එය රික්ටර් මාපකයේ 7.0ක ප්‍රබලත්වයකින් සිදු වී ඇති බවයි.

මේ හේතුවෙන් කම්චැට්කා අර්ධද්වීපයට සුනාමි අනතුරු ඇඟවීමක්ද රුසියානු හදිසි සේවා අමාත්‍යාංශය විසින් සිදු කර තිබෙනවා.

කෙසේ වෙතත් අපේක්ෂා මට්මට මුහුදු රළ පැමිණ නොමැති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව අදාළ සුනාමි අනතුරු ඇඟවීම් ඉවත් කර තිබෙනවා.

(colombotimes.lk)