යුක්‍රේන හමුදා රුසියාවේ නොවොකුයිබයිෂෙව්ස්ක් ප්‍රදේශයේ පිහිටි තෙල් පිරිපහදු සහ ගබඩා සංකීර්ණයක් ඉලක්ක කර ප්‍රහාර එල්ල කර තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඩ්‍රෝන යානා යොදාගෙන සිදු කළ මෙම ප්‍රහාරයෙන් එම සංකීර්ණයට දැඩි හානි සිදුවී ඇති බවයි.
මේ අතර රුසියාව ද යුක්‍රේනයේ ප්‍රහාරක ඩ්‍රෝන යානා නිපදවන කර්මාන්තශාලාවක් සහ දිගු දුර ඩ්‍රෝන පාලන මධ්‍යස්ථානයක් ඉලක්ක කර ඊයේ (03) ප්‍රහාර එල්ලකර තිබෙනවා.
එමෙන්ම යුක්‍රේනය තුළ තවත් එක් ප්‍රදේශයක් අල්ලා ගැනීමට ද රුසියානු හමුදාව සමත්වී තිබෙන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)