යේමනයේ වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශයේ පුද්ගලයන් 150දෙනෙක් පමණ රැගත් බෝට්ටුවක් පෙරළී ගොස් තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම බෝට්ටුව ගිලී යාමෙන් සංක්‍රමණිකයන් 65කට වැඩි පිරිසක් මියගොස් තිබෙන බවයි.
මෙම පිරිසෙන් පුද්ගලයන් 10දෙනෙක්ගේ පමණ දිවි බේරාගෙන තිබෙනවා.
විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේ අනෙක් පිරිස තවමත් අතුරුදහන් වී ඇති බවයි.
එරට පවතින අයහපත් කාලගුණය හේතුවෙන් ඊයේ (03) මෙම අනතුර සිදුවී තිබෙනවා.
අප්‍රිකාවේ සිට රැකියා සොයමින් ගල්ෆ් අරාබි රාජ්‍යයන් වෙත ගමන් කරන සංක්‍රමණිකයන් සඳහා යේමනය තවමත් ප්‍රධාන මාර්ගයක් වන බවයි වාර්තා වන්නේ .
(colombotimes.lk)