ඉන්දියාව සිය චන්ද්‍රයාන්-3 මෙහෙයුම දියත් කිරීමට මේ වනවිට සියල්ල්ල සූදානම් කර තිබෙනවා.
ඒ අනුව දකුණු ආන්ද්‍ර ප්‍රදේශ් ප්‍රාන්තයේ ශ්‍රීහරිකෝටා හි පිහිටි සතිෂ් ධවාන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් මෙය ගමන් අරඹන බව සඳහන්.
මෙය සාර්ථකවුවහොත් ඉන්දියාව සඳ මතට යානයක් යැවූ සිව්වන රට බවට පත්වීමට නියමිතයි.
මෙහි අරමුණු වන්නේ චන්ද්‍ර පෘෂ්ඨය මත ආරක්ෂිතව ගොඩබැසීම, දත්ත රැස් කිරීම සහ සඳෙහි සංයුතිය පිළිබඳ වැඩිදුර දැනගැනීම සඳහා විද්‍යාත්මක පර්යේෂණ මාලාවක් පැවැත්වීමයි.
ඉන්දියාව මින් පෙර යානා 2ක් සඳ තරණය සඳහා පිටත් කර තිබෙනවා.
ඉන් පළමුවැන්න චන්ද්‍රයාන්-1, 2008 වසරේදී දියත්කර ඇති අතර එය සඳ වටා කක්ෂගත වීමෙන් පසුව සඳ මතුපිටට කඩා වැටි තිබුණා.
දෙවැනි යානය චන්ද්‍රයාන්-2, 2019 වසරදී දියත් කර ඇති අතර එයද අසාර්ථක වී තිබෙනවා.
ඒ අනුව ඉන්දියාව සඳ මතුපිටට යානයක් යවන තුන්වන අවස්තාව වන්නේ මෙයයි.
(colombotimes.lk)
