20 August 2025

logo

ජනාධිපති හිමිකම් පනත ගැන චන්ද්‍රිකාගේ මතය



ජනාධිපති හිමිකම් පනත අහෝසි කිරීමට එරෙහිව තමන් අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බවට පළව ඇති වාර්තා සම්පූර්ණයෙන් අසත්‍ය බව හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ප්‍රකාශ කර තිබෙනවා.

හිටපු ජනාධිපතිවරියගේ මාධ්‍ය ඒකකය සඳහන් කළේ එවැනි කිසිදු නෛතික ක්‍රියාමාර්ගයකට ඇය සම්බන්ධ වී නොමැති බවයි.

හිටපු අනෙකුත් ජනාධිපතිවරුන් සමඟ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගද ජනාධිපති හිමිකම් පනත අහෝසි කිරීමට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බවට අදාළ වාර්තාවල කරුණු දක්වා තිබෙනවා. 

(colombotimes.lk)