පොඩි මැණිකේ සහ උඩරට මැණිකේ ඇතුළු උඩරට මාර්ගයේ ධාවනය වන දුම්රිය කාලසටහනේ වෙනසක් සිදුකර තිබෙනවා.
ඒ ඊයේ (18) බදුල්ල සිට කොළඹ කොටුව දක්වා ධාවනය වූ රාත්‍රී තැපැල් දුම්රිය ඉදල්ගස්ඉන්න - ඔහිය දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයට පැමිණි පස් කන්දක ගැටී පීලි පැනීමට ලක්වීම හේතුවෙන්.
එමෙන්ම උඩරට දුම්රිය මාර්ගය ඉදල්ගස්ඉන්න - ඔහිය අතර අවහිර වී තිබෙනවා.
මේ හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය කොළඹ කොටුව - නානුඔය සහ බදුල්ල - බණ්ඩාර වෙල අතර පමණක් සීමා කර තිබෙන බවයි වාර්තා වන්නේ.
දුම්රිය දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ දුම්රිය කාලසටහන පහතින්, 
(colombotimes.lk)
