19 November 2025

logo

කටුනායකට පැමිණි ගුවන්යානා 03ක් හරවා යවයි



කටුනායක ගුවන්තොටුපොළ වෙත ගොඩබෑමට නියමිතව තිබූ ගුවන්යානා 03ක් මත්තල ගුවන්තොටුපොළට හා ඉන්දියාවේ තිරුවානන්තපුරම් ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත හරවා යවා තිබෙනවා. 

ඒ අද (19) උදෑසන පැවති ඝන මීදුම හේතුවෙන්.
 
චීනයේ ගුවැන්ෂු සිට පැමිණි ශ්‍රීලන්කන් ගුවන් සේවයේ UL-881 ගුවන්යානය සහ සෞදි අරාබියේ රියාද් සිට පැමිණි UL-266 ගුවන්යානය මෙලෙස හරවා යවා තිබෙනවා. 

මීට අමතරව සෞදි අරාබියේ දමාම් සිට පැමිණි ශ්‍රීලන්කන් ගුවන් සේවයේ UL-254 ගුවන්යානය ඉන්දියාවේ කේරළයේ තිරුවානන්තපුරම් ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත හරවා යවා තිබෙන බවයි වාර්තා වන්නේ. 

(colombotimes.lk)