කඩුවෙල - රනාල ප්‍රදේශයේ කාඩ්බෝඩ් ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්ත ශාලාවක ගබඩාවක අද (19) අලුයම ගින්නක් හටගෙන තිබෙනවා.
නවගමුව පොලීසිය සඳහන් කළේ එලෙස ඇති වූ ගින්නෙන් එම කර්මාන්ත ශාලාවට දැඩි ලෙස අලාභ හානී සිදුවී තිබෙන බවයි.
ගින්න මැඩපැවැත්වීම සඳහා කොළඹ සහ කෝට්ටේ මහ නගර සභා ගිනි නිවීම් ඒකකය පැමිණ තිබෙනවා.
නවගමුව පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ සිදු වූ අලාභය මෙතෙක් ගණනය කර නොමැති අතර ගින්නට හේතුවද මෙතෙක් අනාවරණය වී නොමැති බවයි.
(colombotimes.lk)
