colombotimes.lk
සිංහල | English

19 May 2024

ආන්දෝලනාත්මක චැනල් 4 වීඩියෝව ගැන නාමල් කට අරියි



චැනල් 4 නාලිකාව විසින් නිකුත් කරන ලද පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාළ වීඩියෝ පටය නිෂ්පාදනය කිරීමේදී විශ්වසනීයත්වයක් තිබේ නම් එය ඔවුන්ගේ වෙබ් අඩවියෙන් ඉවත් කළේ මන්දැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද පාර්ලිමේන්තුවේදී විමසීමක් කළා. 

ඔහු පැවසුවේ 2009 යුද්ධය අවසන් කිරීමෙන් පසු චැනල් 4 නාලිකාවට රාජපක්ෂවරුන් සමඟ ඓතිහාසික එදිරිවාදිකමක් ඇති බවයි. 
 
චැනල් 4 නාලිකාවේ නවතම වීඩියෝ පටය ත්‍රස්තවාදීන් තුරන් කිරීම සම්බන්ධයෙන් රාජපක්ෂවරුන්ගෙන් පළිගැනීමට හෝ කාගේ හෝ දේශපාලන අරමුණක් ඉටුකර ගැනීමේ තවත් උත්සාහයක් විය හැකි බව ඔහු පාර්ලිමේන්තුවට සඳහන් කලා. 
 
'2009 යුද්ධය අවසන් කළාට පස්සේ චැනල් 4 ට මගේ පවුලත්, මගේ තාත්තාත්, රාජපක්ෂ නමත් එක්ක ඉතිහාසගත තරහක් තියෙනවා. එදා ඉඳන් රාජපක්ෂලාට විරුද්ධව වීඩියෝ නිකුත් කරනවා. චැනල් 4 මාධ්‍ය ආයතනයක් විදියට නෙවෙයි මම දකින්නේ වීඩියෝවක් විදියට ' බවයි ඔහු පැවසුවේ.
 
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ සිද්ධිය දේශපාලන අරමුණු සඳහා යොදා නොගත යුතු බවත්, සිද්ධිය දේශපාලනීකරණය කිරීම විමර්ශනවලට බාධාවක් වන බවත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළා. 
 
බ්‍රිතාන්‍යයේ චැනල් 4 නාලිකාව ඊයේ (05) රාත්‍රීයේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එම ආන්දෝලනාත්මක වීඩියෝව එළිදැක්වූ අතර මෙරට පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විනාඩි 50කට ආසන්න එම වැඩසටහනට, පිල්ලෙයාන් කණ්ඩායමේ මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතු කළ අසාද් මවුලානා ප්‍රධාන වශයෙන් තොරතුරු ඉදිරිපත් කර තිබුණා. 
 
කෙසේවෙතත් මේවනවිට අදාළ වීඩියෝව එම නාලිකාව විසින් අන්තර්ජාලයෙන් ඉවත්කරගෙන තිබෙනවා.
(colombotimes.lk)