18 October 2025

logo

රට රස්සාවලට යන අයට අඩු මිලට ගුවන් ටිකට්පත්



විදේශ රැකියාවලට පිටත්ව යන විගමනික ශ්‍රමිකයන් වෙනුවෙන් රජයේ නව වැඩපිළිවෙළට අනුව සහනදායි මිලට ගුවන් ටිකට්පත් නිකුත් කිරීමේ කවුළුවක් නාරාහේන්පිට පිහිටි ශ්‍රී ලංකා විදේශ රැකියා ආයතනයේදී විවෘත කර තිබෙනවා. 

විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍රගේ ප්‍රධානත්වයෙන් මෙම කවුළුව විවෘත කර තිබෙන බවයි වාර්තා වන්නේ. 

මෙහිදී සාමාන්‍ය වෙළෙඳපොළේ පවතින මිලට වඩා අඩුමිලට ගුවන් ටිකට්පත් නිකුත් කිරීම සිදු කරන අතර ලොව ඕනැම රටක විදේශ රැකියා සඳහා පිටත්ව යන සියලු ශ්‍රමිකයන්ට මෙහිදී අඩුමිලට ගුවන් ටිකට්පත් මිලදී ගැනීමට හැකියාව පවතිනවා. 

(colombotimes.lk)